ඉන්දියාවේ මැතිවරණ කාලසීමාවේ මෙවරත් ISIS අළලා දේශපාලනික රංගනයක්, ඔවුන් ශ්‍රී ලාංකික සැකකරුවන්යැයි ප්‍රචාර

ශ්‍රී ලංකාවෙන් ගිය ISIS සැකකරුවන් ඉන්දියාවේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකාවෙන් ගිය ISIS සැකකරුවන් ඉන්දියාවේදී අත්අඩංගුවට

ඉන්දියාවේ මැතිවරණය අතලඟ පවතින සමයේ ISIS ත්‍රස්තවාදී යැයි සැක සහිත සැකකරුවන් 04 දෙනෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ යැයි ආරංචි මාර්ග පවසයි.එරට මාධ්‍ය මගින් මොවුන් ශ්‍රී ලාංකික ISIS සැකකරුවන් ලෙස පවසන නමුත් ඉන්දියාවේ දෙමළ මාධ්‍ය පුවත් වල මෙය මොවුන්ගේ මැතිවරණ කාල සීමාවේ පෙර අවුරුදු වල පරිදිම ශ්‍රී ලංකාව අළලා දේශපාලනිකව සිදු කරන බොරු රඟපැමක් යැයිද කියවේ. කෙසේ වෙත්ත මේ පිලිබඳ කිසිදු වාර්තාවක් මේ වනතුරු ශ්‍රී ලංකාවේන් නිකුත් කර නොමැති බවද වාර්තා වෙයි.

මැතිවරණ කාලසිමාවේ මෙය මැතිවරණය කඩාකප්පල් කිරිමේ ක්‍රියාවක් දෝ යන්නද සැක සහිත වන අතරම මේ වනතුරු ඒ පිලිබද නිවැරැදි තොරතුරු වාර්තා වි නොමැත.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය විසින් අහමදාබාද් ගුවන්තොටුපොළට පැමිණීමේදී එම සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

ඔවුන් එම ගුවන්තොටුපොළට පැමිණ තිබෙන්නේ කුමක් සඳහා,කුමන හේතුවක් මත, කවුරු වෙනුවෙන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර.තව දුරටත් සැකකකරුවන් සිව් දෙනාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කෙරෙන බවද එරට ආරක්ෂක අංශ පවසන නමුත් මොවුන් පිලිබඳ නිවැරැදි තොරතුරු
මේ වනතුරු අනාවරණය වී නොමැත

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *