පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ පරීක්ෂණ සියල්ල ඉදිරියට යාම වළක්වාලමින් කටයුතු කර ඇත්තේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා, අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මෙම කරුණු අනාවරණය කර තිබෙනවා.
ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් බලය ලබාගත් විගස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පර්යේෂණ පැවැත් වූ නිලධාරින් තිස් දෙනෙකු මාරුකර යවා ඇති බවත්, මින් ඇතැම් නිලධාරීන් මාරුකර යවා ඇත්තේ අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පවා දිවුරුම් දීමට පෙර බවටත් ඔහු මෙහිදී හෙළිකර තිබෙනවා.
මේ අතර පාස්කු ඉරිදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ රැඳී සිටිම්න් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂීම් රැඳී සිටි කාමරයේ ඔහුට පෙර නවාතැන් ගෙන සිටි අමුත්තන් සම්බන්ධ තොරතුරු සියල්ල අතුරුදන්වීමේ සිදුවීමක් පිළිබඳ ද ඔහු මෙහිදී කරුණු හෙළිකර තිබෙනවා.
About The Author
Related

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා නීතිය හමුවට පමුණුවන බවට පොරොන්දු වෙමින්, පාස්කු ප්‍රහාරය වාසියක් කර ගනිමින් බලයට පත් වූ වත්මන් ආණ්ඩුව එම ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අසමත් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා. ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට සහභාගි වෙමින් මන්ත්‍රීවරයා මේ බව…
In "දේශීය පුවත්"

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට ඍජුවම සම්බන්ධ වී දැනට ඉන්දියාවට පැන ගොස් සිටින බව කියන ‘සාරා’ නමැති කාන්තාව වහා ලංකාවට ගෙන්වාගෙන බෝම්බ සිද්ධියේ සුලමුල සියල්ල හෙළි කර ගන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවැසීය. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ වී දැනට ජීවතුන් අතර සිටින එකම…
In "දේශීය පුවත්"

සහරාන් මෙහෙයවූයේ කවුරුන් විසින්ද, සහරාන්ට උඩින් සිටියේ කවුද යන්න පිළිබඳව ජනාධිපති කොමිසමේ විමර්ශනවලින් හෙලිදරව් නොවීම බරපතල ගැටලුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා. ජනාධිපති කොමිසමක් පත් කළේ පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට වගකිව යුතු පුද්ගලයන් හෙලිදරව් කර ගැනීමට පමණක් නොව මෙම බෝම්බ ප්‍රහාරයට එල්ල වූයේ කාගේ උවමනාවකටද, ප්‍රහාරය පිටුපස සිටි…
In "දේශීය පුවත්"