ආසියාවේ ප්‍රබලයන් අතරට ගිය ලාංකික යුවතියක්

ෆෝබ්ස් සඟරාව නවවැනි වරටත් පසුගියදා ප්‍රකාශයට පත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට ඇතුළුවීමට ශ්‍රී ලාංකික රංගන ශිල්පිනියක සහ චිත්‍රපට නිෂ්පාදිකාවක වන දිනාරා පුංචිහේවා මහත්මිය සමත්ව තිබෙනවා.

මෙම ලැයිස්තුවට ආසියා පැසිෆික් කාලාපයේ සාධනීය වෙනසක් ඇති කිරීම සඳහා පුරෝගාමී වූ ව්‍යවසායකයන්, නායකයන් සහ විවිධ ක්ෂේත්‍රවල ක්‍රියාකාරී පුද්ගලයන් 300ක් පමණ ඇතුළත්.

2018 වසරේදී ශ්‍රී ලාංකේය සිනමා කරළියට පිවිසුණු දිනාරා ජාත්‍යන්තර ඇගයීමට පාත්‍ර වුණ ඇයගේම කෙටි චිත්‍රපටයක් වන ‘මාලා’ රචනා කර තිබූ අතර ඒ සඳහා රංගනයෙන් දායක වී තිබුණා.

අනතුරුව ප්‍රසන්න විතානගේ මහතා අධ්‍යක්ෂණය කළ ගාඩි චිත්‍රපටයේද රඟපෑමට ඇයට අවස්ථාව උදා වුණා.

ඩිනාරා, ලන්ඩනයේ ක්වීන් මේරි විශ්ව විද්‍යාලයේ උපාධිධාරිණියක් වන අතර ඇය අඩු ආදායම්ලාභී පවුල්වල ළමුන් නාට්‍ය හා රංගනයට අවතීර්ණ වීමට අවස්ථාව ලබා දෙන පුංචි ඇක්ටර්ස් නමැති ස්වේච්ඡා සංවිධානයේ නිර්මාතෘවරියද වෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *