බිල් කලට වේලාවට නොගෙවීමෙන් 1,308,871 දෙනකුගේ විදුලිය විසන්ධි කරලා

0
(10) මධ්‍යම රාත්‍රියේ සිට විදුලි බිල වැඩිවීමක්

(10) මධ්‍යම රාත්‍රියේ සිට විදුලි බිල වැඩිවීමක්

විදුලිය නිසි වේලාවට නොගෙවීම හේතුවෙන් 2022 සිට 2024 දක්වා රතු බිල් තුන් කෝටියකට ආසන්න ප්‍රමාණයක් නිකුත් කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

විදුලිය බිල් කලට වේලාවට නොගෙවීම හේතුවෙන් දහතුන් ලක්ෂ අටදහස් අටසිය හැත්තෑ එක් දෙනකුගේ විදුලිය විසන්ධි කර ඇතැයිද ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ පත් කළ මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එක් ලක්ෂ විසි හය දහස් අට දෙනකුගේ ගිණුම් අවසන් කර ඇති බවත් දහනව ලක්ෂයක් නව විදුලි සබඳතා ලබාගෙන ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය. රටේ විදුලිය පාරිභෝගිකයන් හැත්තෑ දෙලක්ෂයක් සිටින බවද කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com