ඩයනාගේ මන්ත්‍රී ධූරය අහෝසියි; පුරප්පාඩුවන මන්ත්‍රී පුටුව මුජිබර්ට

ඩයනාගේ මන්ත්‍රී ධූරය අහෝසියි; පුරප්පාඩුවන මන්ත්‍රී පුටුව මුජිබර්ට

ඩයනාගේ මන්ත්‍රී ධූරය අහෝසියි; පුරප්පාඩුවන මන්ත්‍රී පුටුව මුජිබර්ට

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය රීට් ආඥාවක් බ්‍රහස්පතින්දා (08) නිකුත් කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා ඇතුළු විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශ කළේය.

ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධූරය අහෝසි වීමත් සමග පුරප්පාඩු වන සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කොළඹ මහනගර සභා පුරපති අපේක්ෂක මුජිබර් රහුමාන් මහතා පත් කිරීමට තීරණය කර ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධූරය අහෝසි කිරීමට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පාර්ලිමේන්තු මහ ලේකම්වරියට ලැබුණු පසු ජාතික ලැයිස්තුවේ පුරප්පාඩුව ඇය විසින් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දෙනු ඇත. ඒ අනුව එම කොමිෂන් සභාව විසින් පුරප්පාඩුවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට පත් කරන නියෝජිතයා පිළිබඳව සමගි ජන බලවේගය පක්ෂයෙන් විමසීම් කිරීමෙන් පසු පක්ෂය නම් කරන නියෝජිතයා විශේෂ ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත් කරනු ලැබේ.

මුජිබර් රහුමන් මහතා කොළඹ මහ නගර සභාවේ පුරපති ධූරයට තරඟ වැදීම සඳහා පසුගිය වසරේ ජනවාරි මස 20 වැනිදා ඉල්ලා අස්විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *