සිව්වන ශාක නිරෝධායන මධ්‍යස්ථානය විවෘත වෙයි

සිව්වන ශාක නිරෝධායන මධ්‍යස්ථානය විවෘත වෙයි

සිව්වන ශාක නිරෝධායන මධ්‍යස්ථානය විවෘත වෙයි

ශාක නිරෝධායන සේවාව ප්‍රාදේශීය මට්ටමට ව්‍යාප්ත කිරීම සඳහා වන ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ යටතේ සිව්වන ශාක නිරෝධායන මධ්‍යස්ථානය ගාල්ල තැපැල් කාර්යාල පරිශ්‍රයේ දී සිදුකෙරුණා.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් එම විවෘත කිරීම සිදුවුණා.

ශාක හා ශාක ආශ්‍රිත නිෂ්පාදන ද්‍රව්‍යයන් තැපැල් සේවාව ඔස්සේ විදේශ රටවලට යැවීමට හේතුවෙන් තමන් මහත් අසීරුතාවකට පත්ව සිටින බව ජනතාව ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණිලි කර තිබූ අතර මෙම තත්ත්වය සම්බන්ධව අවධානය යොමු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ශාක නිරෝධායන සේවාව ප්‍රාදේශීය මට්ටමින් ව්‍යාප්ත කිරීම සඳහා කටයුතු යොදා තිබෙනවා.

මේ වනවිට නව ප්‍රාදේශීය මධ්‍යස්ථාන තුනක් විවෘත කරමින් මෙම සේවාව ලබාගැනීමට හැකි අතර කොළඹ මධ්‍යම තැපැල් කාර්යාලයට අමතරව යාපනය හා මහනුවර තැපැල් කාර්යාල ආශ්‍රිතවද මෙම ශාඛාවන් මින් පෙර විවෘත කර තිබෙන බව සඳහන්.

විශේෂයෙන්ම දකුණු පළාත තුළ ශාක නිරෝධායන සේවාව ලබා දීමේ අරමුණින් මෙම ප්‍රාද්ශීය කාර්යාලය විවෘත කර තිබෙන බවයි වාර්තා වන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *