තුන්වැනි වර­ටත් ලන්ඩ­න් නග­රා­ධි­ප­ති සාදික් ඛාන්

තුන්වැනි වර­ටත් ලන්ඩ­න් නග­රා­ධි­ප­ති සාදික් ඛාන්

තුන්වැනි වර­ටත් ලන්ඩ­න් නග­රා­ධි­ප­ති සාදික් ඛාන්

ලන්ඩන් නුවර නග­රා­ධි­පති මැති­ව­ර­ණ­යෙන් තුන්වැනි වර­ටත් සාදික් ඛාන් තේරී පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

53 හැවි­රිදි සදීක් ඛාන් තුන්වැනි වර­ටත් ලන්ඩන් නුවර නග­රා­ධි­ප­ති­ ධු­ර­යට පත් වූ පළමු පුද්ග­ලයා බවද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. සාදික් ඛාන් ලන්ඩන් නුවර නග­රා­ධි­ප­ති­ව­රයා ලෙස පළ­මු­ව­රට තේරී පත්වූයේ 2016දී වන අතර, 2021දී ඔහු දෙවැනි වර­ටත් එම ධුර­යට තේරී පත් විය.

බ්‍රිතාන්‍ය අග­මැති රිෂී සුනාක්ගේ කන්ස­ර්වේ­ටිව් පක්ෂයේ අපේ­ක්ෂි­කාව සුසාන් හෝල් පරා­ජය කර­මින් කම්කරු පක්ෂයේ සාදික් ලන්ඩන් නග­රා­ධි­ප­ති­ව­රයා ලෙස තේරී පත්වූයේ ලක්ෂ 11කට ආසන්න ඡන්ද සංඛ්‍යා­වක් ලබා ගනි­මින් බවද වාර්තා වේ. ප්‍රති­වාදී අපේ­ක්ෂි­කාව සුසාන්ට හිමිවී ඇත්තේ ඡන්ද 8,12,000ක් බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *