අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීම දේශීය සංචාරකයින්ට තහනම්

0
අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීම දේශීය සංචාරකයින්ට තහනම්

අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීම දේශීය සංචාරකයින්ට තහනම්

අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීම දේශීය සංචාරකයින්ට සීමා කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව ශ්‍රී පාදස්ථානයට ඇතුළුවීමට ඇති කිසිඳු මාර්ගයකින් දේශීය සංචාරකයින්ට ඇතුළුවීම තහනම් කෙරෙනු ඇති.
ශ්‍රී පාද වන්දනා වාරය මේ මස 24 වනදායින් අවසන් වීමට නියමිතය.

ඒ අනුව ඉදිරි කටයුතු සිදුකෙරෙන ආකාරය පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා දින
(03) නල්ලතන්නිය ග්‍රාමසේවා කාර්යාලයේදී පැවැත්වුණි.

එහිදී තීරණය කර ඇත්තේ අවාරයේ සිරිපා කරුණාව දේශීය සංචාරකයින් සඳහා තහනම් කිරීමටය.
ඒ අනුව අවාරයේ ශ්‍රී පාදස්ථානය වෙත පැමිණීමට අවසර ලැබෙන්නේ විදේශිකයන්ට පමණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com