වතු හාම්පුතුන්ගේ සංගමයටත් වගකීමක් තිබෙනවා – වඩිවෙල් සුරේෂ්

වතු හාම්පුතුන්ගේ සංගමයටත් වගකීමක් තිබෙනවා - වඩිවෙල් සුරේෂ්

වතු හාම්පුතුන්ගේ සංගමයටත් වගකීමක් තිබෙනවා - වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත් වගකීමක් තිබෙන බව ලංකා ජාතික වතු කම්කරු සංගමයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා පැවසීය.

ඩොලරයේ අගය වෙනස් වීමෙන් විශාල ලාභයක් ලැබූ වතු සමාගම් සිය සේවකයන්ට වැටුප් වැඩිවීමක් ලබා නොදීම ගැන ලැජ්ජා විය යුතු බව කී වඩිවෙල් සුරේෂ් මහතා වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් කම්කරු කොමසාරිස් ජනරාල්වරයා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව අදාළ වැටුප් වැඩිවීම ස්ථීර වශයෙන්ම ලබාදිය යුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ලංකා ජාතික වතු කම්කරු සංගමයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා මේ බව කීවේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් (03) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.

හාම්පුතුන්ගේ සම්මේලනය වැටුප් නියම කිරීමේ කවුන්සිලයේ පැවති සාකච්ඡාවලට සහභාගී වීම දිගින් දිගටම මඟ හරිමින් සිටි බවත් රුපියල් 1000ක වැටුප් වැඩිවීමක් ඉල්ලූ අවස්ථාවේදී ද ඔවුන් මුනිවත රකිමින් සිටි බවත් මන්ත්‍රීවරයා කීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *