යුරෝපා සංගමය චීන සමාගම් තුනක් වටලයි
යුරෝපා සංගමයේ නිලධාරීන් පෝලන්තයේ සහ නෙදර්ලන්තයේ පිහිටි ආරක්ෂක උපකරණ නිපදවනු ලබන චීන සමාගම් තුනක වැටලීම් සිදු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
කලින් දැනුම්දීමකින් තොරව මේ හදිසි වැටලීම් සිදු කර ඇත්තේ එම චීන සමාගම් අයුතු ලෙස සිය රජයට වාසිදායක අයුරින් කටයුතු කරන බවට මතුවූ සැකයක් මත බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.වැටලීම් සිදු කරනු ලැබූ එක් සමාගමක් ගුවන්තොටුපොළවල ගමන්මලු නිරීක්ෂණය කිරීමේ ස්කෑනර් යන්ත්‍ර සහ අනෙකුත් උපකරණ නිෂ්පාදනය කරන සමාගමක් බවද වැඩිදුරටත් වාර්තා වේ. එම වැටලීම් හේතුවෙන් යුරෝපා සංගමය සහ චීනය අතර පවතින දේශපාලන අර්බුදය තවදුරටත් උත්සන්න වනු ඇතැයිද වාර්තා පළ වී තිබේ.
වැටලීම් සිදු කළ සමාගම් විදේශාධාර ලබන බවට සහ එය යුරෝපා සංගමයේ අභ්‍යන්තර වෙළෙඳපොළට හානිකර විය හැකි බව යුරෝපා සංගමයේ නිලධාරීන් අනතුරු අඟවා ඇතැයිද වාර්තා වේ. කෙසේ වෙතත් වැටලීමෙන් සොයා ගනු ලැබූ තොරතුරු සම්බන්ධව යුරෝපා සංගමයේ නිලධාරීන් කිසිඳු ප්‍රකාශයක් සිදු කර නැති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.