ඊශ්‍රා­යල ප්‍රහා­ර­ව­ලින් ගාසා තීරයේ සුන්බුන් ටොන් මිලි­යන 37 ක ඉවත් කිරී­මට වසර 14ක්

ඊශ්‍රා­යල ප්‍රහා­ර­ව­ලින් ගාසා තීරයේ සුන්බුන් ටොන් මිලි­යන 37ක්; ඉවත් කිරී­මට වසර 14ක්

ඊශ්‍රා­යල ප්‍රහා­ර­ව­ලින් ගාසා තීරයේ සුන්බුන් ටොන් මිලි­යන 37ක්; ඉවත් කිරී­මට වසර 14ක්

ඊශ්‍රා­යල ප්‍රහා­ර­ව­ලින් ගාසා තීරයේ සුන්බුන් ටොන් මිලි­යන 37ක් ගොඩ­ගැසී ඇතැයිද, පිපි­රී­මට ලක් නොවූ බෝම්බ විශාල ප්‍රමා­ණ­යක්ද ඒ අතර ඇතැයිද එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නයේ ඉරා­කයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩ­ස­ට­හනේ ප්‍රධානි පෙහ්ර් ලෝඩා­මර් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ගාසා තීරයේ නේවා­සික ගොඩ­නැ­ඟි­ලි­ව­ලින් 65%ක්ම විනාශ වී ඇති බවත්, සියලු සුන්බුන් ඉවත් කිරී­මට වසර 14ක් ගත­වනු ඇති බවත් ඔහු වැඩි­දු­ර­ටත් සඳ­හන් කර ඇතැයි වාර්තා වේ.

ඊශ්‍රා­යල ප්‍රහාර හේතු­වෙන් ගාසා තීරයේ විශාල බිම් ප්‍රමා­ණ­යක් මුළු­ම­නින්ම නට­බුන් බවට පත්වී ඇතැයිද, එම ප්‍රහා­ර­ව­ලින් පුපුරා නොගිය බෝම්බ 10%ක ප්‍රමා­ණ­යක් ඉති­රිව ඇතැයිද ඉරා­කයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩ­ස­ට­හනේ ප්‍රධා­නියා සඳ­හන් කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *