චීනය හා ඇමරිකාව අතර එකඟතාවන් 05ක්

චීනය සහ ඇමරිකාව අතර එකඟතා 05ක්

චීනය සහ ඇමරිකාව අතර එකඟතා 05ක්

චීන- ඇමරිකානු දෙපාර්ශ්වය එකඟතා 5 කට එළඹෙයි. ඒ, චීන විදේශ අමාත්‍ය වං යී මහතා සහ ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් මහතා අතර (26) වැනිදා බෙයිජිං අගනුවර පැවති සාකච්ඡාවේදීය.

ද්විපාර්ශ්වික සම්බන්ධතාව ස්ථාවර අයුරින් වර්ධනය කිරීම සහ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර දී නායක දෙපළ එළඹුණු වැදගත් එකඟතා කඩිනමින් ක්‍රියාවට නැංවීම මෙහිලා ප්‍රමුඛ වේ. රාජ්‍යතාන්ත්‍රික, ආර්ථික, මූල්‍ය සේවා, වාණිජ හා හමුදා යන ක්ෂේත්‍ර ඇතුළු උසස් පෙළේ හුවමාරු නිසි ලෙස පවත්වා ගැනීම සහ මත්ද්‍රව්‍ය තහනම, දේශගුණ විපර්යාසයට මුහුණදීම හා කෘත්‍රිම බුද්ධි තාක්ෂණික සහයෝගිතා ප්‍රවර්ධනය කිරීමටද දෙපාර්ශ්වය එකඟ වී තිබේ.

මේ යටතේ, කෘත්‍රිම බුද්ධි තාක්ෂණය පිළිබඳ චීන-ඇමරිකානු අන්තර් රාජ්‍ය සංවාදයේ පළමු රැස්වීම පැවැත්වීමටද නියමිතය. එමෙන්ම ආසියා ශාන්තිකර කලාපයේ කටයුතු පිළිබඳ ද්විපාර්ශ්වික සාකච්ඡාවද පැවැත්වීමට දෙරට පියවර ගනු ඇත. මානව හා සංස්කෘතික හුවමාරු සහතික කරමින් සිසුන්ට අධ්‍යයන අවස්ථාද පුළුල් කෙරේ.

මීට අමතරව, ජාත්‍යන්තර තලයේ උණුසුම් ගැටළු සම්බන්ධයෙන් චීනය හා ඇමරිකාව අතර සාකච්ඡා සහ සම්බන්ධීකරණ අඛණ්ඩව පවත්වා ගැනීමටද එකඟතාව පළ වී ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *