උද්ධමනය 1.5%ට බසී

උද්ධමනය 1.5%ට බසී

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව මෙම අප්‍රේල් මස මෙරට උද්ධමනය සියයට 1.5ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මාර්තු මස උද්ධමනය සියයට 2.5ක් ලෙස පැවැති බවත් ඒ අනුව අප්‍රේල් මස සියයට එකකින් උද්ධමනය පහළ ගොස් ඇති බවත් එම දෙපාර්තමේන්තුව කියයි.

මාර්තු මාසයේ සියයට 5.0ක් ලෙස පැවති ආහාර කාණ්ඩයේ උද්ධමනය අප්‍රේල් මස සියයට 2.9ක් දක්වා පහළ ගොස් ඇතැයිද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *