බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහට ඔලිම්පික් සුදුසුකම්

0
බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහට ඔලිම්පික් යන්න සුදුසුකම් ලබයි

බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහට ඔලිම්පික් යන්න සුදුසුකම් ලබයි

2024 වසරේ පැරිස් හි පැවැත්වෙන ඔලිම්පික් උළෙල සඳහා බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ සුදුසුකම් ලබා තිබෙනවා.

ඒ අනුව මෙවර ජාත්‍යන්තර තරග වාරය තුළ ඔහු ලකුණු 24,030ක් රැස්කරමින් පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බැඩ්මින්ටන් තරග අංශයට සුදුසුකම් ලැබූ ක්‍රීඩකයන් අතර 32 වැනි ස්ථානයට පත්ව ඇතැයි සඳහන් වෙනවා.

මේ වනවිට 20 හැවිරිදි වියේ පසුවන විරේන් නෙත්තසිංහ ඔලිම්පික් උළෙලක් නියෝජනය කරන ළාබාලතම ශ්‍රී ලාංකික බැඩ්මින්ටන් ක්‍රීඩකයා බවට ඉතිහාසගතවීමට නියමිතය.

2012 වසරේදී නිලූක කරුණාරත්න පරිසාධන මට්ටම පසු කර ඍජු ලෙස ඔලිම්පික් වරම් දිනාගත්තා.
ඉන් අනතුරුව එවැනි දස්කමක් කළ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩකයා විරේන් නෙත්තසිංහ වීමත් විශේෂත්වයක්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com