‘උමා ඔය’ විවෘත කිරීමට ඉරාන ජනාධිපති ලංකාවට

‘උමා ඔය’ විවෘත කිරීමට ඉරාන ජනාධිපති ලංකාවට

‘උමා ඔය’ විවෘත කිරීමට ඉරාන ජනාධිපති ලංකාවට

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රධානතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියක් වන ‘උමා ඔය’ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමේ නිල උත්සවය ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මස 24 වැනිදා පැවැත්විමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය ඉරාන අපනයන සංවර්ධන බැකුවේ ණය ආධාර යටතේ 2010 වසරේ ආරම්භ කළ අතර එම ව්‍යාපෘතිය ඔස්සේ ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 120ක විදුලිය ප්‍රමාණයක් එකතු වීමට නියමිතය.

විදුලි නිෂ්පාදනයට අමතරව පානීය සහ කෘෂිකාර්මික අවශ්‍යතාව සඳහා ජලය සැපයීමද මෙම ව්‍යාපෘතියෙන් ඉටුවේ.

අමෙරිකානු ඩොලර් මිලියන 529 ක් වියදම් ඇස්තමේන්තුවක් යටතේ මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් 2010 වසරේ මාර්තු මස 15 වැනිදා ආරම්භ කළ අතර එහි ඉදිකිරීම් 2015 වසරේ අවසන් කිරීමට නියමිත තිබුණද විවිධ හේතුන් නිසා වැඩ අවසන් කිරීම ප්‍රමාද විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *