2022 පෙබරවාරියෙන් පසු ප්‍රථම වරට සියලු කොටස් මිල දර්ශකය ඒකක 12,000 පසුකරයි

කොටස් වෙළඳපොල ඉතිහාසයේ වාර්තා කරන ලද ඉහළම අගය වාර්තා කරයි
2022 වසරේ පෙබරවාරි 21 වන දිනෙන් පසු ප්‍රථම වරට කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය පසුගිය (10) දිනයේ දී ඒකක 12,000 සීමාව ඉක්මවා යන ලදි.
ඒ අනුව බදාදා (10) දිනය තුළ ඒකක 70.61 කින් සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගිය අතර දිනය අවසානයේ දී එහි අගය ඒකක 12,033.10 ක් ලෙසින් සටහන් විය.
මේ අතර S&P SL20 දර්ශකය ඒකක 33.81 කින් ඉහළ ගොස් ඒකක 3,580.64 ක් ලෙසින් දිනය අවසානයේ දී සටහන් විය.
රු. බිලියන 2.96ක ගනුදෙනු පිරිවැටුමක් බදාදා (10) දින වර්තා වුණි.
සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට කොමර්ෂල් බැංකුව, HNB බැංකුව, LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී, සම්පත් බැංකුව සහ මෙල්ස්ටාකෝප් යන සමාගම් ඉහළ ධනාත්මක දායකත්වයක් ලබාදීමට සමත්විය.