මත්ද්‍රව්‍ය කිලෝ 200ක් නාවික හමුදා අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය කිලෝ 200ක් නාවික හමුදා භාරයට අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය කිලෝ 200ක් නාවික හමුදා භාරයට අත්අඩංගුවට

හෙරොයින් සහ අයිස් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 200ක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්ව ඇත.

නාවික හමුදාව දකුණු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් හෙරොයින් සහ අයිස් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 200ක් සමග බහුදින ධීවර යාත්‍රා දෙකක් අත්අඩංගුවට ගනු ලැබූ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා පැවසීය.

එහිදී සැකකරුවන් 10 දෙනෙකුද අත්අඩංගුවට ගනු ලැබු අතර එම යාත්‍රා දෙක සහ සැකකරුවන් ගාල්ල වරාය වෙත රැගෙන ඒමට කටයුතු කරමින් සිටින බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *