මාර්තු මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා කමිඳු මෙන්ඩිස්
 
                මාර්තු මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා කමිඳු මෙන්ඩිස්
ශ්‍රී ලංකා කණ්ඩායමේ කමිඳු මෙන්ඩිස් මාර්තු ‘මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා’ ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
අයර්ලන්තයේ මාර්ක් ඇඩෙයිර් සහ නවසීලන්තයේ මැට් හෙන්ඩ්රි යන ක්‍රීඩකයින් මේ සඳහා නිර්දේශ වී තිබුණි.
කමිඳු මෙන්ඩිස් මෙම සම්මානය හිමිකර ගත් තුන්වැනි ශ්‍රී ලාංකික ක්‍රීඩකයාය. මීට පෙර වනිඳු හසරංග සහ ප්‍රභාත් ජයසූරිය ද මෙය හිමිකරගෙන තිබුණි.

 
                                            


