ගාසා තීරයේ යුද අප­රාධ සම්බ­න්ධව ඊශ්‍රා­ය­ලය වග­කිව යුතුයි – මානව හිමි­කම් කවු­න්සි­ල­යේදී යෝජ­නා­ සම්මතයක්

ගාසා තීරයේ යුද අප­රාධ සම්බ­න්ධව ඊශ්‍රා­ය­ලය වග­කිව යුතුයි - මානව හිමි­කම් කවු­න්සි­ල­යේදී යෝජ­නා­ සම්මතයක්

ගාසා තීරයේ යුද අප­රාධ සම්බ­න්ධව ඊශ්‍රා­ය­ලය වග­කිව යුතුයි - මානව හිමි­කම් කවු­න්සි­ල­යේදී යෝජ­නා­ සම්මතයක්

ගාසා තීරයේ සිදුවූ බව කියන යුද අප­රාධ සම්බ­න්ධව ඊශ්‍රා­ය­ලය වග කිව යුතු බවට එක්සත් ජාතීන්ගේ මානව හිමි­කම් කවු­න්සි­ලය පසුගිය සිකුරාදා (05) යෝජ­නා­වක් සම්මත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එහෙත් ඊශ්‍රා­ය­ලය එම යෝජ­නාව විකෘති ප්‍රකා­ශ­යක් බව කිය­මින් ප්‍රති­ක්ෂේප කර ඇතැ­යිද වැඩි­දු­ර­ටත් වාර්තා වේ. මේ යෝජ­නා­වට රට­වල් 28ක් පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇති අතර, අමෙ­රි­කාව සහ ජර්ම­නිය ඇතු­ළුව රට­වල් 6ක් විරෝ­ධ­තාව ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. තවත් රට­වල් 13ක් ඡන්දය දීමෙන් වැළකී සිටි බවද වාර්තා වේ. යෝජ­නාව සම්මත වීමෙන් පසු එම කවු­න්සි­ලයේ නියෝ­ජි­ත­යන් රැසක් අත්පො­ළ­සන් දුන් බවත් විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.

ගාසා තීරයේ යුද අප­රාධ සහ මානු­ෂි­ක­ත්ව­යට එරෙ­හිව සිදු කරන ප්‍රහාර ඇතුළු බර­ප­තළ මානව හිමි­කම් කඩ කිරීම් සම්බ­න්ධව එම කවු­න්සි­ල­යේදී දැඩි අව­ධා­නය යොමු වී ඇති අතර, ඊශ්‍රා­ය­ල­යට සිය­ලුම ආයුධ අලෙවි කිරීම නව­ත්වන ලෙසත් ඉල්ලී­මක් කර ඇතැයි වාර්තා වේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමි­කම් කවු­න්සි­ලය දිගු කාල­යක් පුරා ඊශ්‍රා­ය­ලයේ ජන­තාව අත්හැර දමා ඇතැයිද, හමාස් සංවි­ධා­නය ආරක්ෂා කර ඇතැයිද මෙහිදී ඊශ්‍රා­ය­ලයේ නිත්‍ය නියෝ­ජිත මයි­රව් අයි­ලොන් චෝදනා කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *