රනිල්, අනුර ඇතුළු පිරිසක් ගැන රිට් ආඥාව

රනිල්, අනුර ඇතුළු පිරිසක් ගැන රිට් ආඥාව
පසුගිය රජය සමයේ පත්කළ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ පරීක්ෂණ කොමිසම විසින් ජනාධිපති රනිල් වික්රමසිංහ, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසකට එරෙහිව ඉදිරිපත් කර තිබූ නිර්දේශ හා සොයාගැනීම් බල රහිත කරමින් අභියාචනාධිකරණය රිට් ආඥාවක් නිකුත් කර තිබේ.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ඇතුළු ත්රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුලක් විසින් මෙම තීන්දුව ලබා දී තිබේ.