2026 ලෝක කුසලාන 20 – 20 තරගාවලියේ සම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට

2026 ලෝක කුසලාන 20 - 20 තරගාවලියේ සම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට
2026 ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේ සම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට හිමිව තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව 2026 වසරේ පැවැත්වීමට නියමිත 20 -20 ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලබන බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ.
2026 වසරේ 20 -20 ලෝක කුසලානය කණ්ඩායම් 20කගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
තරගාවලියට සඳහා කණ්ඩායම් 12ක් සෘජුව සුදුසුකම් ලබයි.