වෙරළ පවිත්‍රතාව රැක ගැනීමට නව ජංගම යෙදුමක්(Beach Cleanup Coordination APP)

වෙරළ පවිත්‍රතාව රැක ගැනීමට නව ජංගම යෙදුමක්(Beach Cleanup Coordination APP)

වෙරළ පවිත්‍රතාව රැක ගැනීමට නව ජංගම යෙදුමක්(Beach Cleanup Coordination APP)

වෙරළ තීරයන්හි අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා සුහුරු තාක්ෂණය ඔස්සේ භාවිතයට ගත හැකි ජංගම යෙදුම (Beach Cleanup Coordination APP) හඳුන්වාදීම පිළිබඳ සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා.

වෙරළ හා සාගර පරිසරයේ තිරසර සංවර්ධනය සඳහා මැදිහත් වන ආයතන හා සංවිධාන විධිමත්ව සම්බන්ධීකරණය කරමින් වෙරළ සංරක්ෂණ ආරක්ෂණ අධිකාරියේ මැදිහත් වීමෙනුයි මෙම ජංගම යෙදුම හඳුන්වා දීමට නියමිතව ඇත්තේ.

සාගර සහ වෙරළ තීරයේ පවිත්‍රතාව රැක ගනිමින් තිරසර සාගර සහ වෙරළ කලාපයක් සහතික කිරීමට ඒ පිළිබඳ වගකීම් පැවරී ඇති සියලු ආයතන කැපවිය යුතු බව මෙහිදී පෙන්වා දුන් අතර එම කටයුතු පහසුකර ගැනීමට මෙම නව ජංගම යෙදුම පිටිවහලක් වනු ඇති බව සඳහන්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *