මෙරට සමා­ජය තුළ හඳුනා නොගත් ක්ෂය රෝගීන් 4,000 – 5,000ක් පමණ

මෙරට සිටිය යුතු ක්ෂය රෝගීන්ගේ සංඛ්‍යාව 14,000ක් පමණ වුවද, දැනට හඳු­නා­ගෙන ඇති සංඛ්‍යාව 9,000ක් පමණ බව ජාතික ක්ෂය රෝග මර්දන වැඩ­ස­ට­හනේ අධ්‍ය­ක්ෂිකා වෛද්‍ය ප්‍රමිතා ශාන්ති­ලතා මහ­ත්මිය පැව­සු­වාය. ලෝක සෞඛ්‍ය සංවි­ධා­නයේ ඇස්ත­මේ­න්තු­ව­ලට අනුව හඳුනා නොගත් ක්ෂය රෝගීන් 4,000ක් 5,000ක් පමණ මෙරට සමා­ජය තුළ සිටින බවද ඇය ප්‍රකාශ කළාය.

සෞඛ්‍ය ප්‍රව­ර්ධන කාර්යාං­ශයේ පැවැති මාධ්‍ය හමු­වට සහ­භාගී වෙමින් ඇය මේ බව (13) පැව­සු­වාය. “ඔව් අපට ක්ෂය රෝගය තුරන් කළ හැකී” යන්න මෙවර ලෝක ක්ෂය රෝග දිනයේ තේමා­වයි. මේ මස 24 වැනි­දාට ලෝක ක්ෂය රෝග දිනය යෙදී ඇත.

ක්ෂය රෝගීන් දෙදෙ­නෙකු එක් දින­කදී මර­ණ­යට පත් වන බවත් කලින් හඳු­නා­ගෙන නිසි ප්‍රති­කාර ගැනී­මෙන් රෝගය නිට්ටා­වටම සුව­පත් කර ගත හැකි බවත් ඇය ප්‍රකාශ කළාය.

සති දෙක­කට වඩා පව­තින කැස්ස, සව­සට මඳ උණ පැව­තීම, බර අඩු වීම, කෑම අරු­චිය, රාත්‍රි­යට අධික ලෙස දහ­ඩිය දැමීම, අධික තෙහෙ­ටි­ටුව, හුස්ම ගැනීමේ අප­හ­සුව, සෙම සමඟ රුධි­රය පිට වීම යනා­දිය පෙණ­හ­ලු­ගත ක්ෂය රෝගයේ ලක්ෂ­ණය.

ක්ෂය රෝගය සඳහා පරී­ක්ෂ­ණ­යන් මෙරට සියලු දිස්ත්‍රික් ළය සාය­න­ය­න්ගෙන් සහ රජයේ සෞඛ්‍ය ආය­ත­න­ය­න්ගෙන් නොමිලේ සිදු කරවා ගත හැකි බවද ඇය පැව­සීය. මෙරට වැඩි වශ­යෙන්ම ක්ෂය රෝගීන් වාර්තා වනුයේ බස්නා­හිර පළා­තෙන් වන අතර කෙළඔ දිස්ත්‍රි­ක්කයේ කොළඹ මහා නගර සභා සීමා­වෙන් වැඩිම රෝගීන් සංඛ්‍යා­වක් වාර්තා වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *