2024 ලෝක රූ රුජින චෙක් ජනරජයෙන්

චෙක් ජනරජය නියෝජනය කළ සුරූපිනී, ක්‍රිස්ට්යානා සිස්කෝවා, 2024 ලෝක රූ රුජින ලෙස කිරුළු පැලඳියාය. ඒ, රටවල් රැසක තරගකාරිනියන් 111 ක් අභිබවා යමිනි.

මෙවර ලෝක රූ රුජින ජාත්‍යන්තර තරගාවලිය ඉන්දියාවේ මුම්බායි අගනගරය කේන්ද්‍රකොට ගනිමින් පැවැත්විය.

23 හැවිරිදි ක්‍රිස්ට්යානා සිස්කෝවා නිරූපිකාවකි. ඇය නීතිය පිළිබඳවත්, ව්‍යාපාර පරිපාලනය පිළිබඳවත් වෙන වෙනම උපාධි හදාරමින් සිටී.

පසුගිය 2023 ලෝක රූ රුජින කිරැළ දිනා සිටි පෝලන්ත සුරූපිනිය කැරොලිනා බියෙලාව්ස්කා විසින්, ක්‍රිස්ට්යානා සිස්කෝවා ට කිරුළ පැලදීම සිදු කරනු ලැබීය.

මෙවර තරගාවලියේ දී දෙවැනි ස්ථානය ලෙබනනය නියෝජනය කළ සුරූපිනී යැස්මින් මයිටෝන් ද, තෙවැනි ස්ථානය ට්‍රිනිඩෑඩ් සහ ටොබාගෝ දූපත් රාජ්‍යය නියෝජනය කළ සුරූපිනිය ආචේ ඒබ්‍රහෑම්ස් ද හිමි විය.

මීට පෙර චෙක් ජනරජ සුරූපිනියක ලෝක රූ රැජින කිරුළ දිනුවේ 2006 වසරේදීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *