මෙරට සෑම කාන්තාවන් 08 දෙනෙකුගෙන් එක් අයෙකුට පියයුරු පිළිකා වැළඳීමේ අවදානම

මෙරට සෑම කාන්තාවන් 08 දෙනෙකුගෙන් එක් අයෙකුට පියයුරු පිළිකා වැළඳීමේ අවදානම

මෙරට සෑම කාන්තාවන් 08 දෙනෙකුගෙන් එක් අයෙකුට පියයුරු පිළිකා වැළඳීමේ අවදානම

වසරකට මෙරට කාන්තාවන් 1095ක් පියයුරු පිළිකාවෙන් ජීවිතක්ෂයට පත්වන බවත් මෙරට කාන්තාවන් 5475 දෙනෙකු පියයුරු පිළිකාවට ගොදුරු වන බවත් වෛද්‍ය ලංකා ජයසූරිය දිසානායක පවසනවා.

ලෝක කාන්තා දිනය වෙනුවෙන් පසුගිය 07 වනදා මහනුවර පැවැති උත්සවයකට සහභාගී වු ඉන්දිරා ජයසූරිය පිළිකා භාරයේ සභාපතිනි වෛද්‍ය ලංකා ජයසූරිය දිසානායක මේ බව හෙළිකළා.

ඇය එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ පියයුරු පිළිකා කාන්තාවන්ට නොව පුරුෂයින්ටද වැළඳෙන බවයි. එමෙන්ම පියයුරු පිළිකා වැළඳෙන අයගෙන් 1%ක් පුරුෂයන් බවද ඇය පැවසුවා.

“මෙරට ජීවත් වන සෑම කාන්තාවන් 08 දෙනෙකුගෙන් එක් අයෙකුට පියයුරු පිළිකා වැළඳීමේ අවදානම තිබෙනවා. ඉතාමත් කනගාටුයි. මේ පියයුරු පිළිකා හේතුවෙන් අප රටේ කාන්තාවන් තිදෙනෙක් දිනකට මරණයට පත්වෙනවා. ඒ වගේම අප රටේ තවත් කාන්තාවන් 15 දෙනෙක් පියයුරු පිළිකා රෝගීන් වශයෙන් දිනකට හඳුනාගන්නවා. කාන්තාවක් වී ඉපදීමම පියයුරු පිළිකා අවදානමට ලක්වීමක්. ඇල්කොහොල්, දුම් පානය, මත්ද්‍රව්‍ය භාවිතය, ව්‍යායාම මදකම, වැරදි ආහාර පුරුදු වගේම ලේ ඥාතීන්ට පියයුරු පිළිකා තිබීමද මේ පිළිකා තත්ත්වය ඇතිවීමට හේතු වෙන්න පුළුවන්. හැබැයි මේ වනවිට වෛද්‍ය පර්යේෂණ මගින් තහවුරු කොට තිබෙනවා. මව් කිරි ලබාදුන් කාන්තාවන්ට පියයුරු පිළිකා වැළඳීමේ අවදානම අවමයි කියලා.”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *