නව විදුලි සබඳතා ගෙවීමේ ක්‍රමයට

නව විදුලි සබඳතා ගෙවීමේ ක්‍රමයට

නව විදුලි සබඳතා ගෙවීමේ ක්‍රමයට

නව විදුලි සබඳතාවක් ලබා ගැනීමේදී අය කර ගන්නා ගාස්තුව වාරික වශයෙන් ගෙවීමට අවස්ථාව ලබා දෙන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී (07) පැවසීය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ සමග ජන බලවේගයේ මොණරාගල දිස්ත්‍රික් මන්ත්‍රී එච්.එම් ධර්මසේන මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

විදුලි සබඳතාවක් ලබා ගැනීමේදී මෙතෙක් ගෙවූ රුපියල් පනස් එක් දහසක මුදල රුපියල් තිස් පන්දාහත් හතළිස් දාහත් අතර මුදලකට අඩුකර ඇති බවත් එම මුදලද මුලින් සියයට 25ක් ගෙවා ඉතිරි කොටස වාරික දහයකින් හෝ 12කින් ගෙවීමට පහසුකම් සැලසීමට විදුලි බල මණ්ඩලය කටයුතු කරමින් සිටින බවත් අමාත්‍යවරයා කීය.

ඒ සඳහා මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.

සුළු විදුලිබිල් තියෙන නිවෙස් වල විදුලිය විසන්ධි කිරීමකින් තොරව ඔවුනට යම් කාලයක් ලබාදීමට තීරණය කර ඇතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *