සුපිරි ධනවතුන් 100ක් ගැන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානයක්

26වැනි දාට පෙර හිඟ බදු නොගෙවන අයට කිසිදු දඩ සහනයක් නෑ - දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
මේ රට වෙසෙන ඉහල වත්කම් ඇති සුපිරි ධනවතුන් සිය දෙනකු කෙරෙහි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානය යොමු වී ඇතැයි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.ඒ.සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය පැවසුවාය.
එම සුපිරි ධනවතුන් 100 දෙනා මෙතෙක් කල් නිසියාකාරව බදු ගෙවීමක් සිදුකර නොමැති හෙයින් ඔවුන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර දැඩි ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරන බවද දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය කීවාය.
මෙරට වෙසෙන සුපිරි ධනවතුන්ගෙන් නිසියාකාරව බදු අය කර ගැනීම සඳහා ඉහළ ආදායම් සහ ඉහළ වත්කම් සහිත පුද්ගලයන් සම්බන්ධයෙන් අධීක්ෂණය කිරීම සඳහා විශාල බදු ගෙවන්නන්ගේ කාර්යාලය පිහිටුවා ඇති අතර ඊට විශේෂඥයන් දස දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අනුයුක්ත කර සිටින බවද චන්ද්‍රසේකර මහත්මිය තව දුරටත් කීවාය.