දීර්ඝ සති අන්තයට විශේෂ දුම්රිය

දීර්ඝ සති අන්තයට විශේෂ දුම්රිය
එළඹෙන දීර්ඝ සති අන්තය වෙනුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ සහ උතුරු මාර්ගයේ විශේෂ දුම්රිය ගමන් වාර කීපයක් ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර සහ කන්කසන්තුරේ අතර කොටසෙහි සති අන්ත විශේෂ මගී දුම්රිය ගමන්වාර ලබන 8 වැනිදා සිට 10 වැනිදා දක්වා අනුරාධපුර දුම්රිය ස්ථානයෙන් පෙරවරු 6.00ට කන්කසන්තුරය දක්වාද, කන්කසන්තුරය සිට පස්වරු 4.30ට අනුරාධපුර දක්වාද ක්රියාත්මක වේ.
විශේෂ දුම්රිය කාලසටහන
උඩරට දුම්රිය මාර්ගය
● මාර්තු 8 – පෙ.ව. 7.30 කොළඹ කොටුව – බදුල්ල
● මාර්තු 10 – පෙ.ව. 7.45 බදුල්ල – කොළඹ කොටුව
● මාර්තු 7, 8 සහ 10 – පස්වරු 7.30 කොළඹ කොටුව – බදුල්ල
● මාර්තු 7, 8 සහ 10 – පස්වරු 5.20 බදුල්ල – කොළඹ කොටුව