සියලු දේශපාලනඥයින් වත්කම් සහ බැරකම් ලබා දිය යුතුයි

2025 ගතවූ කාලයට අල්ලස් කොමිසමට පැමිණිලි 2,138ක්
දේශපාලනඥයින්, රජයේ අධි ශ්‍රේණියේ නිලධාරීන් ඇතුළු 150,000කට අධික පිරිසක් ලබන මස 01 වැනිදා සිට සිය වත්කම් සහ බැරකම් ප්‍රකාශ භාර දිය යුතු බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව පවසනවා.
ඒ අනුව ජුලි මස 30 වැනිදා දක්වා මෙම ප්‍රකාශ භාරදිමේ හැකියාව පවතිනවා. එම කොමිසම සඳහන් කළේ පසුගියදා පාර්ලිමේන්තුවේ සම්මත කර ගත් දූෂණ විරෝධී නව පනත ප්‍රකාරව මෙවර පළමු වරට වත්කම් හා බැරකම් ප්‍රකාශ භාර ගැනීම සිදු කරන බවයි.