පෙබරවාරි මාසයේ හොඳම ක්‍රීඩිකාව අතරට UAE කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලාංකික කවීෂා එගොඩගේ

පෙබරවාරි මාසයේ හොඳම ක්‍රීඩිකාව අතරට UAE කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලාංකික කවීෂා එගොඩගේ

පෙබරවාරි මාසයේ හොඳම ක්‍රීඩිකාව අතරට UAE කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලාංකික කවීෂා එගොඩගේ

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පෙබරවාරි මාසයේ හොඳම ක්‍රීඩිකාව තේරීම සඳහා වන නාම යෝජනා ප්‍රකාශයට පත්කර ඇත.

මෙහි ඇති සුවිශේෂීත්වය වන්නේ එම නාමයෝජනා අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩිකාවකගේ නමක් ඊට ඇතුළත්ව තිබීමය.

ඒ කවීෂා එගොඩගේ නම් ක්‍රීඩිකාවයි.

මෙලෙස ප්‍රකාශයට පත්කෙරෙන නාමයෝජනා සඳහා ක්‍රීඩාලෝලීන්ට සිය ඡන්දය අන්තර්ජාලය හරහා ප්‍රකාශයට පත්කළ හැකි අතර පසුව එහි ප්‍රතිඵල සලකාබැලීමෙන් අනතුරුව මාසයේ හොඳම ක්‍රීඩිකාව ICCය විසින් නම්කරනු ලබයි.

කවීෂා එගොඩගේ තුන් ඉරියව් ක්‍රීඩිකාවක් ලෙසින් UAE කාන්තා කණ්ඩායම වෙනුවෙන් දැක්වූ දක්ෂතා හේතුවෙන් ඇයව මෙලෙස පෙබරවාරි මාසයේ ක්‍රීඩිකාවන් තිදෙනා අතරට නම්කර තිබේ.

විස්සයි විස්ස ක්‍රිකට් පිටියේදී ශතක 9ක් රැස්කර ඇති 20 හැවිරිදි වියේ පසුවන කවීෂා ලකුණු 1,728ක් රැස්කරගෙන ඇති අතර විස්සයි විස්ස කඩුලු 29ක් දවාගෙන සිටී.

මීට අමතරව මෙවර පෙබරවාරි මාසය සඳහා ICCය විසින් නම්කළ ක්‍රීඩිකාවන් අතරට UAE කාන්තා කණ්ඩායමේ ඊශා ඕසා සහ ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමේ ඇනබල් සදර්ලෑන්ඩ් නම්කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *