කඩොලාන රැකීමේ ගෝලීය ප්‍රමුඛතා සම්මානය ශ්‍රි ලංකාවට

0
ශ්‍රී ලංකාව කඩොලාන රැකීමේ ගෝලීය ප්‍රමුඛයා වෙයි

ශ්‍රී ලංකාව කඩොලාන රැකීමේ ගෝලීය ප්‍රමුඛයා වෙයි

කඩොලාන රැකීමේ ගෝලීය ප්‍රමුඛයා ලෙස එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හයවන සැසිවාරයේ දී (UNEA-6) ශ්‍රී ලංකාව සම්මාන ලබා ගත්තේය.

පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ශ්‍රී ලංකාවට හිමිවූ කඩොලාන ප්‍රතිසංස්කරණයේ ගෝලීය ප්‍රමුඛයා සම්මානය ලබා ගත්තේය.

කෙන්යාවේ නයිරෝබි නුවර එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ (UNEP) මූලස්ථානයේ පැවැති මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතාද සහභාගී විය.

දේශගුණික විපර්යාස, ජෛව විවිධත්වයේ පරිහානිය සහ පරිසර දූෂණය යන ත්‍රිත්ව අර්බුද සඳහා විසඳුම් සෙවීමේ දී සහයෝගීතාවයේ වැදගත්කම පෙන්වා දීම එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හය වන සැසි වාරයේ ප්‍රමුඛ අරමුණකි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com