වන අලි වෙනුවෙන් බංග්ලාදේශයේ අධිකරණයෙන් නියෝගයක්

0
බංග්ලාදේශයේ වන අලි වෙනුවෙන් අධිකරණයෙන් ලැබුණු නියෝගය

බංග්ලාදේශයේ වන අලි වෙනුවෙන් අධිකරණයෙන් ලැබුණු නියෝගය

වන අලි ඇතුන් හීලෑ කරමින් ඔවුන්ව වහල්භාවයේ තබා ගැනීම තහනම් කරමින් බංග්ලාදේශයේ මහාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

බංග්ලාදේශයේ දැඩි ලෙස වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති සත්ත්වයෙකු ලෙසයි වන අලි ඇතුන් නම් කර ඇත්තේ.

බංග්ලාදේශයේ මේ වන විට සිටින අලි ඇතුන් සංඛ්‍යාව 200ක් වන අතර එයින් අඩක් පමණ හීලෑ අලි ඇතුන් බව සඳහන්.

හීලෑ අලි ඇතුන් සිඟමන් යැදීමට, සර්කස් හෝ වීථී සංදර්ශන සඳහා යොදාගැනීම සහ දර ඇදීම වැනි බර ඇදීමේ වැඩ සඳහා යොදා ගැනීම දැඩි ලෙස සිදුවන බව වාර්තා වනවා.

ඒ අනුව අදාළ බලපත්‍ර අවලංගු කිරීමටද අධිකරණය නියෝග කර තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com