ඊශ්‍රායල රජයට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක්

ඊශ්‍රායල රජය එරෙහිවට දැවැන්ත උද්ඝෝෂණයක්

ඊශ්‍රායල රජය එරෙහිවට දැවැන්ත උද්ඝෝෂණයක්

ඊශ්‍රායල රජයට විරෝධය පලකරමින් ටෙල්අවිව් අගනුවරදී දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වුණා.

හමාස් සංවිධානය ප්‍රාණ ඇපයේ රඳවාගෙන සිටින පිරිස බේරා ගැනීමට ඊශ්‍රායල රජය ප්‍රමාණවත් තරම් ක්‍රියාමාර්ග නොගන්නා බවයි විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ.

රජය ඉවත්වී නව පිරිසකට පාලනය භාරදිය යුතු බවද ඔවුන් පවසනවා.

මේ අතර සටන්විරාමයක් ක්‍රියාත්මක කිරීම සදහා ඊශ්‍රායල රජය හමාස් සංවිධානය සමඟ සාකච්ඡා පැවැත්වීම සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් දක්වා ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

සටන් විරාමය ක්‍රියාත්මක කාලය තුළදී ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට හමාස් සංවිධානය කටයුතු කළ යුතු බවයි ඊශ්‍රායලය සදහන් කරන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *