වනිඳුට ICCයෙන් තරග තහනමක්

වනිඳුට ICCයෙන් තරග තහනමක්

වනිඳුට ICCයෙන් තරග තහනමක්

ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ නායක වනිඳු හසරංගට ICCයෙන් තරග තහනමක් පවනවා තිබේ.

ICC නීති සංග්‍රහය කඩකිරීම හේතුවෙනි ඔහු සම්බන්ධයෙන් මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව වනිඳු හසරංගට ජාත්‍යන්තර තරග දෙකක තහනමක් පනවා ඇති අතර තරග ගාස්තුවෙන් සියයට 50ක දඩයක්ද පනවා ඇති බව වාර්තා වෙයි.

පසුගියදා පැවති ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන තුන්වැනි 20/20 තරගයෙන් අනතුරුව විනිසුරු ලින්ඩන් හැනිබල් ගේ තීරණයක් විවේචනය කිරීම හේතුවෙන් ඔහුට එරෙහිව දඬුවම් ලකුණු එක්කර තිබුණි.

ඒ සමගම ඔහුගේ දඬුවම් ලකුණු මාස 24ක් තුළදී 5ක් වීම හේතුවෙන් ඔහුට එරෙහිව එම තරග තහනම පැනවෙයි.

මෙම තත්ත්වය යටතේ හසරංගට එක් ටෙස්ට් තරගයක් හෝ එක්දින තරග දෙකක් හෝ 20/20 තරග දෙකක් තහනම් වෙයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *