ඇමෙරිකාවෙන් මෙරටට රු. කෝටි 1750ක ඖෂධ නොමිලේ

0
ඖෂධ මිල ගණන් අවම වශයෙන් 25% කින්වත් වැඩි කරන ලෙස ඖෂධ සමාගම් රජයෙන් ඉල්ලීමක්

ඖෂධ මිල ගණන් අවම වශයෙන් 25% කින්වත් වැඩි කරන ලෙස ඖෂධ සමාගම් රජයෙන් ඉල්ලීමක්

ඇමෙරිකාවෙන් මෙරටට රුපියල් කෝටි 1750ක ඖෂධ නොමිලේ.

වේදනා නාශක හා ප්‍රතිජීවක ඇතුළු ඖෂධ රැසක් මෙයට ඇතුළත්.

කිරිදෙන මව්වරුන්ට හා අඩු පෝෂණයෙන් යුක්ත මව්වරුන්ට අවශ්‍ය කෙරෙන අතිරේක පෝෂණද මෙසේ ලැබී තිබෙනවා. ප්‍රමිතියෙන් ඉහල මිල අධික ඖෂධ මෙසේ පරිත්‍යාග කර තිබෙනවා.

ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාගේ ඉල්ලීමකට අනුව එරට ආයතන තුනක් එක්වයි මෙම ද්‍රව්‍ය පරිත්‍යාග කර තිබෙන්නේ. වෛද්‍ය උපකරණ තොගයක්ද ඊට ඇතුළත්.

මෙරට ආර්ථිකය කඩා වැටී තිබියදීද මෙසේ පරිත්‍යාග ලබාදී තිබෙනවා.

ශ්‍රී ලංකාවට පිරිනැමුණු ඖෂධ හා වෛද්‍ය උපකරණ සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා ජනතාවට නොමිලේ ලබා දීමටයි පියවර ගෙන තිබෙන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com