ණය සඳහා ඉහළම පොලී ගෙවන රට ශ්‍රී ලංකාව

ණය සඳහා වැඩියෙන්ම පොලී ගෙවන රට ශ්‍රී ලංකාව

ණය සඳහා වැඩියෙන්ම පොලී ගෙවන රට ශ්‍රී ලංකාව

රාජ්‍ය ආදායමෙන් ණය සඳහා වැඩියෙන්ම පොලී ගෙවන රට ශ්‍රී ලංකාව බව ලෝක බැංකුවේ සංවර්ධන දර්ශක අනුව සඳහන් වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසනවා.

2000 වර්ෂයේදී රාජ්‍ය ආදායමෙන් ණය සඳහා පොලී වශයෙන් 33% මුදලක් ගෙවා ඇති අතර ශ්‍රී ලංකාව ණය සඳහා පොලී ගෙවන රටවල් අතර පස්වෙනි ස්ථානයට එම වර්ෂයේදී පත්වි ඇති බවයි සඳහන් වන්නේ.

2010 වර්ෂයේ දී ණය සඳහා වැඩිම පොලී ගෙවන රටවල් අතර ලංකාව දෙවෙනි ස්ථානයද ඒ වර්ෂයේදී ගෙවා ඇති පොලී මුදල රාජ්‍ය ආදායමෙන් 42% බවත් 2020 වර්ෂයේදී ණය සඳහා ලෝකයේ වැඩිම පොලී ගෙවන රට බවටත් රාජ්‍ය ආදායමෙන් පොලී සඳහා එම වර්ෂයේදී වැය කර ඇති මුදල 71% බවයි සඳහන් වන්නේ.

ඒ අනුව පසුගිය 2023 වර්ෂයේදී ශ්‍රී ලංකාව රාජ්‍ය ආදායමෙන් පොලී සඳහා 77%ක් ගෙවූ බව මහ බැංකු වාර්තා කරනවා.

ඉකුත් 2000 වර්ෂයේ සිට මේ දක්වාම ණය සඳහා වැඩිම පොලී ගෙවන රට ශ්‍රී ලංකාව බව මේ අනුව පෙනී යන බවයි මහාචාර්ය වසන්ත අතුකෝරළ වැඩි දුරටත් පවසා සිටින්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *