ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ සිරවී 200ට වැඩි පිරිසක් සියදිවි හානි කරගෙන

ඉරාන විදේශ ඇමැති 19 සිට 21 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක

ඉරාන විදේශ ඇමැති 19 සිට 21 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක

ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ සිරවුණු දෙසීයකට වැඩි පිරිසක් මෑත භාගයේදී සියදිවි හානි කරගෙන ඇතැයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වාර්තාවල සඳහන් වේ.

මේ රටේ ලක්ෂ 28ක් පමණ ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ සිරවී සිටින බවත් ඉන් ලක්ෂ විසි හතරක්ම කාන්තාවන් බවත් දැක්වේ.

මේ අතර ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ණය ලබාදී ඇත්තේ සියයට 38ක සියයට 48ක පමණ ලොකු පොලී රේට්ටුවලට බව ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය.

කාන්තාවන් වැඩි ප්‍රමාණයක් මැදපෙරදිග රටවල ගෘහ සේවයට එක්වීමද ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදයට හේතුවක් බව එම කමිටුව පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *