දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙන ගුරු විදුහල්පති වෘත්තීය සමිති

දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙන ගුරු විදුහල්පති වෘත්තීය සමිති

දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙන ගුරු විදුහල්පති වෘත්තීය සමිති

ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාව සම්බන්ධයෙන් පැන නැඟී ඇති ගැටලු විසඳීමට ආණ්ඩුව අපොහොසත් වන්නේ නම්, එළැඹෙන 20 වැනිදා මධ්‍යම පළාත කේන්ද්‍ර කරගනිමින් දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ලංකා ගුරු සේවා සංගමය පවසයි.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්යන්ත්, පළාත් ආණ්ඩුකාරවරුන් සහ අධ්‍යාපන වෘත්තීය සමිති අතර (16) පැවති සාකච්ඡාවෙන් අනතුරුව ඔවුන් මේ බව සඳහන් කළේය.

පළාත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පැන නැඟී ඇති ගැටලු සම්බන්ධයෙන් මෙම හමුවේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර, ගුරු වැටුප් විෂමතාව සම්බන්ධයෙන්ද අවධානය යොමුව තිබේ.

එමෙන්ම පාසල් ගොඩනැගිලි සඳහා දේශපාලනඥයන්ගේ නම් යෙදීම නවතා දැමීමට වෘත්තීය සමිති විසින් කළ ඉල්ලීම පිළිබඳවද මෙහිදී අමාත්‍යවරයාගේ අවදානය යොමු වූ බව වෘත්තීය සමිති නියෝජිතයෝ ප්‍රකාශ කළහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *