ඖෂධ සෑදීම සඳහා වසරකට බූරුවන් මිලියන ගණනක් මරයි

ඖෂධ සෑදීම සඳහා වසරකට බූරුවන් මිලියන ගණනක් මරයි

ඖෂධ සෑදීම සඳහා වසරකට බූරුවන් මිලියන ගණනක් මරයි

ඖෂධ සෑදීම සඳහා වසරකට බූරුවන් මිලියන ගණනක් මරා දමන බව නවතම සමික්ෂණවලින් හෙළිවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අප්‍රිකාවේ මිනිසුන් ඔවුන්ගේ රැකියාවන් කරගෙන යාමට බූරුවන්ගෙන් ලබා ගන්නා සහය ඉතාමත් විශේෂයි.

කෙසේවෙතත් අප්‍රිකාවේ මෑත කාලයේදී බූරු සොරකම් බොහෝ ප්‍රදේශවල සුලබ වී ඇති අතර බූරුවන් විශාල ගහනයක් සිටින ලෝකයේ අනෙකුත් රටවලද එම තත්ත්වය වර්ධනය වී ඇති බවයි වාර්තා වන්නේ.

චීනයේ, බූරු හමේ ඇති ජෙලටින් සමග නිෂ්පාදනය කරන සාම්ප්‍රදායික ඖෂධීය පිළියමක් සඳහා ඉහළ ඉල්ලුමක් පවතින අතර එය Ejiao ලෙස හඳුන්වනු ලබනවා.

එහි සෞඛ්‍යය වැඩි දියුණු කරන සහ තරුණ බව ආරක්ෂා කරන ගුණාංග ඇති බව විශ්වාස කෙරෙනවා.

බූරු වෙළඳාමට එරෙහි උද්ඝෝෂකයින් පවසන්නේ බොහෝ මිනිසුන් සහ ඔවුන් යැපෙන බූරුවන් මෙම Ejiao හි සම්ප්‍රදායික අමුද්‍රව්‍ය නිසාවෙන් දැඩි ලෙස පීඩාවට පත් වී ඇති බවයි.

2017 සිට ගෙන ඇති දත්තවලට අනුව ගෝලීය වශයෙන් අවම වශයෙන් බූරුවන් මිලියන 5.9ක් සෑම වසරකම Ejiao ඖෂධය නිෂ්පාදනය හේතුවෙන් මරා දමන බව සඳහන්.

ලෝකයේ බූරුවන් මිලියන 53න් තුනෙන් දෙකක් පමණ ජීවත් වන අප්‍රිකාවේ, මේ සම්බන්ධයෙන් නීති රෙගුලාසි නිකුත් කර තිබෙනවා.

සමහර රටවල බූරු හම් අපනයනය නීත්‍යානුකූල වන අතර තවත් රටවල නීති විරෝධී වනවා.

නමුත් හම් සඳහා ඉහළ ඉල්ලුමක් සහ ඉහළ මිල නිසා බූරුවන් සොරකම් කිරීමට හේතු වන අතර උද්ඝෝෂකයින් පවසන්නේ බූරුවන් සොරකමේ නිරතවන මහා පරිමාණ ජාවාරම්කරුවන් සතුන්ව ජාත්‍යන්තර දේශසීමා හරහා ගෙන යන බව සොයාගෙන ඇති බවයි.

කෙසේ වෙතත්, සෑම අප්‍රිකානු රාජ්‍යයකම රජයක් දිනෙන් දින අඩුවන බූරු ගහනයට ප්‍රතිචාර වශයෙන් බූරුවන් ඝාතනය කිරීම සහ අපනයනය කිරීම තහනම් කිරීමට සූදානම් වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *