මත්පෙති ජාවාරමේ යෙදුණු දොස්තරත් රක්ෂිත බන්ධනාගාරයට

මත්පෙති ජාවාරමේ යෙදුණු දොස්තර රක්ෂිත බන්ධනාගාරයට

මත්පෙති ජාවාරමේ යෙදුණු දොස්තර රක්ෂිත බන්ධනාගාරයට

මත්පෙති ජාවාරමේ යෙදුණු පේරාදෙණිය රෝහලේ වෛද්‍යවරයා ලබන 19 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පොළ ප්‍රධාන මහේත්‍රාත් වාසනා නවරත්න මහත්මිය නියෝග කළාය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත වූයේ ගෙලිඔය කරමඩ පදිංචි කෝණාරත්න මුදියන් සේලාගේ වර්ධන කුඹුරේ ගෙදර මද්දුම බණ්ඩා වර්ධන කුඹුර යන අයයි.

මොහු වේදනා නාශක අධිමාත්‍රා ඖෂධ වර්ග මත්පෙති ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අලෙවි කරන ජාවාරමක කාලයක් තිස්සේ නිරත වෙමින් සිටියදී ඇත්ගාල පොලිසිය මගින් ගම්පොළ ජයමාලපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණි.

එවැනි ජාවාරම්කරුවකුට මෙවැනි මත්පෙති වර්ග දෙකක් අඩංගු පෙති 1600ක් රුපියල් එක්ලක්ෂ හැටදහසකට අලෙවි කිරීම සඳහා දහතුන දින රාත්‍රියේ එකොළහට මොහුගේ මෝටර් රථයෙන් මෙම ස්ථානය වෙත පැමිණ සිටියදී උපාය දූතයන් මාර්ගයෙන් මොහු අත්අඩංගුවට ගෙන ඇත.

අධිකරණයට ඉදිරිපත් කළ වෛද්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරියන් දෙදෙනෙකු සඳහන් කර සිටියේ කුඩු ලෝලීන්ගෙන් හා සොර සතුරන්ගෙන් බේරා ගැනීම සඳහා මෙම ඖෂධ වර්ගය වෛද්‍යවරයා ළඟ තබාගත් බවයි.

නමුත් ඇත්ගාල පොලිස් ස්ථානාධිපති සෙනරත් කැකුළන්දර මහතා අධිකරණය හමුවේ පවසා සිටියේ වෛද්‍යවරයා සේවය කරන්නේ පේරාදෙණිය රෝහලේ බවත් නිවස ගෙලිඔය බවත් මොහුගේ එක් පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් දොළුව මාර්ගයේ තිබෙන බවත්ය.

එසේ තිබියදී ජයමාලපුර ප්‍රදේශයට පැමිණ එක් පුද්ගලයකුට මහා රාත්‍රියේ මෙවැනි විශාල ඖෂධ තොගයක් මුදලට අලෙවි කිරීම සිදුකළ නොහැකි බවය.

කෙසේ වෙතත් මහේස්ත්‍රාත්වරිය එම කරුණු සැලකිල්ලට ගනිමින් වෛද්‍යවරයා මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *