කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පාඨමාලා අධ්‍යාපන පද්ධතියට

0
කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පාඨමාලා අධ්‍යාපන පද්ධතියට

කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පාඨමාලා අධ්‍යාපන පද්ධතියට

කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පාඨමාලා අධ්‍යාපන පද්ධතියට හඳුන්වා දීම සඳහා වන නියමු ව්‍යාපෘතියකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

තාක්ෂණ අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ඉදිරිපත් කළ ඒ්කාබද්ධ යෝජනාවටයි මෙලෙස අනුමැතිය හිමිව ඇත්තේ.

මෙය මයිකොසොෆ්ට් ආයතනයේද සහාය ඇතිව ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්⁣තේ.

එමෙන්ම, කෘතිම බුද්ධියට අදාළව ජාතික උපායමාර්ගයක් සහ සැලැස්මක් සකස් කිරීම පිණිස පත් කරනු ලැබ ඇති කාර්යසාධක බලකාය විසින් ඉදිරිපත් කරනු ලබන නිර්දේශයන්ට අනුගතව යෝජිත පාඨමාලා හඳුන්වා දිම සුදුසු බවටද තීරණය තිබෙනවා.

ඒ් අනුවයි අදාළ උපායමාර්ග සැලැස්මේ එක් අංගයක් වශයෙන් සාමාන්‍ය අධ්‍යාපනයට අදාළව කෘතිම බුද්ධිය පිළිබඳ පාඨමාලා හඳුන්වා දීමේ නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත්තේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com