ඉන්දියානු ඒකාබද්ධ ගෙවීම් ක්‍රියාවලිය (UPI) මෙරටට හඳුන්වාදෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සහභාගීත්වයෙන් UPI හෙවත් ඉන්දියානු ඒකාබද්ධ ගෙවීම් ක්‍රියාවලිය අද (12) දින මෙරටට හඳුන්වාදීම සිදු කෙරෙන බව සඳහන් වේ.

එම අවස්ථාව සඳහා නායකයින් දෙපළ මාර්ගත ක්‍රමය ඔස්සේ එක්වන අතර එහිදී ඔවුන් එම ගෙවීම් ක්‍රියාවලිය ආරම්භ කරමින් අත්සන් තැබීමට ද නියමිතය.

එම ක්‍රමවේදය යටතේ ලියාපදිංචි වී ඇති ඕනෑම බැංකුවක් හරහා ක්ෂණිකව ගෙවීම් කටයුතු කිරීමට පුද්ගලයෙකුට හෝ වෙළඳ ආයතනයකට අවස්ථාව හිමි වේ.

ජංගම දුරකථන අංකය මත පදනම්ව ලියාපදිංචි විය හැකි යෙදුමක් වන මෙය සරල පියවර කිහිපයක් මගින් ඕනෑම බැංකුවක් හරහාද ගනුදෙණු කිරීමට හැකියාව පවතින බව සඳහන් වේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ, පසුගිය වසරේ UPI ගෙවීම් පද්ධතිය හරහා ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.7ක ගනුදෙණු සිදු කර ඇති බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *