නව කැලණි පාලමේ ගමනාගමනය සීමා කරයි

නව කැලණි පාලමේ ගමනාගමනය සීමා කරයි

නව කැලණි පාලමේ ගමනාගමනය සීමා කරයි

අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් නව කැලණි පාලමෙන් වරාය දෙසට ඇතුළු වන මාර්ගය වසා තැබීම සම්බන්ධයෙන් අධිවේගී මාර්ග සංචාරක පොලීසිය ජනතාවට දැනුම්දීමක් සිදුකර තිබේ.

ඒ අනුව (09) රාත්‍රී 9 සිට පෙබරවාරි මස 12 වනදා අලුයම 5 දක්වා කටුනායක සිට කැලණි පාලමට ඇතුළු වී වරාය දෙසට ගමන් කරන මංතීරුව පමණක් ඉහත දිවවල වසා තැබේ.

මේ අතර ඔරුගොඩවත්ත මංසන්ධියේ සිට කැලණි පාලමට ඇතුළු වී වරාය පිවිසුම (ඉඟුරුකඩේ හංදිය දෙසට යන) පාලමේ මැද කොටසින් වසා තැබීමටත් කටයුතු කරනු ඇත.

අධිවේගී මාර්ගයේ කටුනායක සිට කොළඹ දක්වා ගමන් කරන වාහනවලට හා ඔරුගොඩවත්තෙන් ඇතුළු වී කටුනායක දක්වා ගමන් කරන වාහනවලට මෙයින් බාධාවක් ඇති නොවේ.

මෙම අලුත්වැඩියාව සිදුවන කාලය තුළ ඔරුගොඩවත්ත – වැල්ලම්පිටිය මාර්ගයේ දෙමටගොඩ, පෑලියගොඩ, මීගමුව පාර, මත්ස්‍ය වෙළෙඳසැල අසල, නුවර පාර, තොරණ හන්දිය යන ස්ථානවල මහජනතාවට දැනුවත් කිරීමේ පුවරුද සවිකර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *