හමාස් සංවිධානයෙන් දීර්ඝ සටන් විරාමයක් සඳහා ඉල්ලීමක්

හමාස් සංවිධානයෙන් දීර්ඝ සටන් විරාමයක් සඳහා ඉල්ලීමක්

හමාස් සංවිධානයෙන් දීර්ඝ සටන් විරාමයක් සඳහා ඉල්ලීමක්

දීර්ඝ සටන් විරාමයක් සඳහා වූ යෝජනාවක් හමාස් සංවිධානය විසින් ඉදිරිපත් කර ඇතැයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර ඇත.

ඒ අනුව ගාසා තීරයේ මාස 4 1/2ක් පමණ සටන් අත්හිටුවා, පසුව ගැටුම් නවතා දැමීමට යෝජනා කර තිබේ.

හමාස් සංවිධානය මෙම යෝජනාව යවා ඇත්තේ, අමෙරිකාවේ සහ ඊශ්‍රායලයේ කැමැත්ත ඇතිව කටාර් සහ ඊජිප්තු බලධාරින් හමාස් සංවිධානයට යොමු කර තිබූ යෝජනාවකට ප්‍රතිචාර වශයෙනි.

එම යෝජනාවලිය අදියර තුනකින් සමන්විතය.

එහි පළමු අදියර යටතේ, ඉතිරිව සිටින ප්‍රාණ ඇපකරුවන් සහ පලස්තීන සිරකරුවන් හුවමාරු කෙරෙයි.

දෙවැනි අදියර යටතේ ගාසා තීරය ගොඩනැගීමේ කටයුතු ආරම්භ කිරීමටත් තෙවැනි අදියර යටතේ ඊශ්‍රායල හමුදා සම්පූර්ණයෙන් ඉවත් වීමට හා මිය ගිය පුද්ගලයන්ගේ සිරුරු හුවමාරු කර ගැනීමටත් නියමිත බව සඳහන් වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *