බුම්‍රාගෙන් සුවිශේෂ ක්‍රිකට් ලෝක වාර්තාවක්

බුම්‍රාගෙන් සුවිශේෂ ක්‍රිකට් ලෝක වාර්තාවක්
සුපිරි ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්‍රා සුවිශේෂ ක්‍රිකට් ලෝක වාර්තාවක් තබා තිබේ.
ක්‍රිකට් දිවියේ කුමන හෝ අවස්ථාවක දී ටෙස්ට්, එක්දින සහ 20යි 20 අකෘති තුනෙහිම පෙරමුණට පැමිණි ලොව එකම පන්දු යවන්නා බවට පත් වෙමින් ජස්ප්‍රිට් බුම්‍රා මෙම ලෝක වාර්තාව තබා ඇත.
අයිසීසී නිකුත් කළ නවතම ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ජස්ප්‍රිට් බුම්‍රා අංක 01ට පැමිණ ඇති අතර, ඒ සමඟ මෙම සුවිශේෂ ලෝක වාර්තාව බුම්‍රා සතු විය.
මේ අතර, ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණට පැමිණි පළමු ඉන්දීය වේගපන්දු යවන්නා බවට ද ජස්ප්‍රිට් බුම්‍රා පත් ව ඇත.
මීට පෙර බිශාන් සිං බෙඩි, රවිචන්ද්‍රන් අශ්වින් සහ රවීන්ද්‍ර ජඩේජා යන තිදෙනා ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල අංක එකට පැමිණ සිටි නමුත් ඔවුන් තිදෙනාම දඟ පන්දු යවන්නෝ වූහ.
නිමා වූ දෙවැනි ටෙස්ට් තරගයේ දී ජස්ප්‍රිට් බුම්‍රා එංගලන්ත ඉනිමේ කඩුලු 06ක් බිඳ දැමීමට සමත් වූ අතර, බුම්‍රා ඉනිමක දී කඩුලු 06ක් දවා ගත් දෙවැනි අවස්ථාව එයයි.