පිළිකා රෝගීන්ගේ අත්‍යවශ්‍ය ඖෂධ 13ක් ප්‍රදානයනට ගිවිසුමක්

පිළිකා රෝගීන්ගේ අත්‍යවශ්‍ය ඖෂධ 13ක් ප්‍රදානයනට ගිවිසුමක්

පිළිකා රෝගීන්ගේ අත්‍යවශ්‍ය ඖෂධ 13ක් ප්‍රදානයනට ගිවිසුමක්

මෙරට පිළිකා රෝගීන් හට ප්‍රතිකාර කිරීම සදහා අවශ්‍යය වන අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දීම සදහා ගිවිසුම් ගත වීම දින (07) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සිදු විය.

සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල සහ අනුග්‍රහය දක්වන LDS Latter – day saints charities (USA) ආයතනය වෙනුවෙන් Mr. Mickey Lui – Area Welfare and Self-Reliance Director යන මහත්වරුන් ගිවිසුමට අත්සන් තබන ලදී.

මෙම අත්‍යවශ්‍ය පිළිකා ඖෂධ තොගයට ඖෂධ වර්ග 13ක් ඇතුලත් වන අතර මෙහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියනයකට අධික වේ. පළමු අදියර යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දෙන මෙම අත්‍යවශ්‍ය පිළිකා ඖෂධ තොගය මෙරට වර්ෂයක (01) පිළිකා ප්‍රතිකාර සදහා ප්‍රමානවත් වේ. දෙවන අදියර යටතේ මෙරටට අවශ්‍යය වන තවත් ඖෂධ වර්ග තොගයක් ඉදිරි මාස කිහිපය තුළදී මෙරටට ලබා දීමට එම ආයතනය සැලසුම් කර ඇත.

මෙම පිළිකා ඖෂධ තොගයට Abiraterone Acetate -250 mg tablet, Anastrozole 1 mg tablet, Capecitabine 50mg tablet, Carboplatin 450mg/45ml Vial 450mg Injection, Ciplatin 50mg /50ml vial 50mg Injection, Dacarbazine 200mg vial 200mg Injection, Docetaxel 4mgVial 80mg Injection, Docetaxel 80mg/4mg Vial 80mg Injection, Irrinotican 100mg/5ml Vial 80mg Injection ඇතුලු තවත් පෙති වර්ග, එන්නත් වර්ග ඇතුලත් වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *