නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ගැන නීතිපතිගෙන් ප්‍රකාශයක්

0
නුවරඑළිය තැපැල් කාර්යාලයේ උඩු මහලේ විදේශීය සංචාරකයින්ට නැවතුම්පොළක්

නුවරඑළිය තැපැල් කාර්යාලයේ උඩු මහලේ විදේශීය සංචාරකයින්ට නැවතුම්පොළක්

ඓතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල පෞද්ගලික අංශයට පැවරීම සඳහා තීරණයක් ගෙන නොමැති බව නීතිපතිවරයා (07) අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

එම ගොඩනැගිල්ල පෞද්ගලික අංශයට පැවරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කරන ලද පෙත්සමක් (07) කැඳවූ අවස්ථාවේ අතිරේක සොලිසිටර් ජනරාල් විකුම්ද ආබෲ මහතා මෙම දැනුම්දීම සිදු කළේය.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ තැපැල් කාර්යාල ගොඩනැගිල්ල පෞද්ගලික අංශයට පැවරීම සම්බන්ධයෙන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කම්ටුවේ දී සාකච්ඡාවට ලක් වී ඇති බව සඳහන් කළේය.

එබැවින් මෙම තැපැල් කාර්යාලය ඕනෑම මොහොතක පෞද්ගලික අංශයට පැවරීමේ අවදානමක් මතුව ඇති බවට නීතිඥවරයා අනතුරු අඟවා ඇත.

එහි දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ, අදාළ තැපැල් කාර්යාලය පෞද්ගලික අංශයට පැවරීම සඳහා මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com