මෙතෙක් ‘යුක්තියෙන්’ අල්ලන ලද මත්ද්‍රව්‍යවල වෙළෙඳපොළ වටිනාකම මිලියන 7,733ක්

මෙතෙක් 'යුක්තියෙන්' අල්ලන ලද මත්ද්‍රව්‍යවල වෙළෙඳපොළ වටිනාකම මිලියන 7,733ක්

මෙතෙක් 'යුක්තියෙන්' අල්ලන ලද මත්ද්‍රව්‍යවල වෙළෙඳපොළ වටිනාකම මිලියන 7,733ක්

2023 වසරේ දෙසැම්බර් මස 17 වනදා සිට මෙරට ආරම්භ කළ යුක්තිය මෙහෙයුම මගින් වටලා ඇති සමස්ත මත්ද්‍රව්‍ය ප්‍රමාණයේ වෙළෙඳපොළ වටිනාකම මිලියන 7,733කට ආසන්න වන බව වාර්තා වනවා.

එමෙන්ම තහනමට ගත් දේපලවල වෙළෙඳපොළ වටිනාකම මිලියන 726කට ආසන්න බවයි අනාවරණය වී ඇත්තේ.

යුක්තිය මෙහෙයුම මගින් දිවයින පුරා සිටි අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 56,541ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පිරිස අතර සිටින මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 49,558 දෙනා අතරින් සැකකරුවන් 1,817කට රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් 1,981ක් පුනරුත්ථාපනය සඳහා යොමුකර ඇති බව සඳහන්.

ඒ අනුව යුක්තිය මෙහෙයුමෙන් සොයාගැනීමට සමත්ව ඇති මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් පහතින්,

හෙරොයින් 142kg 541g
අයිස් 208 kg 290 g
කොකේන් 974 g 605 mg
අබිං 49 kg 200 g
හෂීස් 07 kg 210 g
ඈෂ් 36 kg 800 g
ගංජා 2678 kg 910 g
ගංජා පැල 4,347,787
මාවා 162 kg 251 g
තූල් 07 kg 123 g
කුෂ් 02 kg 040 g
මදන මෝදක 19kg 906g
මත්පෙති 360,821ක්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *