ළමා ඇඳුම් වෙරළ තීරයේ තබා ගාසා තීරයේ යුද විරෝධතාවයක්

ළමා ඇඳුම් වෙරළ තීරයේ තබා ගාසා තීරයේ යුද විරෝධතාවයක්

ළමා ඇඳුම් වෙරළ තීරයේ තබා ගාසා තීරයේ යුද විරෝධතාවයක්

ළමා ඇඳුම් වෙරළ තීරයේ තබා ක්‍රියාකාරී කණ්ඩායමක් විසින් ගාසා තීරයේ යුද විරෝධතාවයක් පවත්වා තිබෙනවා.

ගාසා තීරයේ Bournemouth වෙරළ තීරයේ කිලෝමීටර් 5ක දුරකින් යුක්තව ළමා ඇඳුම් පෙළක් තබමින් මෙම විරෝධතාව පළ කර ඇති බවයි පැවසෙන්නේ.

සැප්තැම්බර් 7 වනදා සිට පවතින ගැටුමේ දෙපාර්ශවයේම මියගිය ළමුන් නියෝජනය කිරීම සඳහා ඇඳුම් කට්ටල 11,000කට වැඩි ප්‍රමාණයක් මේ සඳහා යොදාගෙන ඇති බවයි Led By Donkeys කණ්ඩායමේ ක්‍රියාකාරීන් සඳහන් කරන්නේ.

80 දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායමකට ඇඳුම් වෙරළ තීරයේ දැමීම සඳහා පැය පහක කාලයක් ගතව තිබෙනවා.

ඉවත් කිරීමේ නියෝග නිකුත් කිරීම ඇතුළුව සිවිල් වැසියන්ට සිදුවන අනතුරු වළක්වා ගැනීමට උත්සාහ කරන බව ඊශ්‍රායලය පවසා ඇතත්, පලස්තීන සෞඛ්‍ය නිලධාරීන්ට අනුව වයස අවුරුදු 18ට අඩු 11,500කට වැඩි පිරිසක් ඝාතනය වි ඇති බව සඳහන්.

ප්‍රකාශයක් නිකුත් කරමින්, Led By Donkeys, එක්සත් ජනපද සහ එක්සත් රාජධානියේ ආණ්ඩු වහාම සටන් විරාමයක් සඳහා ඉල්ලීම් නිකුත් කරන ලෙස ඉල්ලා තිබෙනවා.

“පලස්තීන වේවා ඊශ්‍රායල වේවා සියලුම දරුවන් අහිංසකයි” යනුවෙන් එම ප්‍රකාශයේ සඳහන් වනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *