ඉන්දීය භට ඛණ්ඩ මැයි මාසය වනවිට මාලදිවයිනෙන් ඉවතට

ඉන්දීය භට ඛණ්ඩ මැයි මාසය වනවිට මාලදිවයිනෙන් ඉවතට

ඉන්දීය භට ඛණ්ඩ මැයි මාසය වනවිට මාලදිවයිනෙන් ඉවතට

ඉන්දීය භට ඛණ්ඩ මැයි මාසය වනවිට මාලදිවයිනෙන් ඉවත්ව යන බව ජනාධිපති මොහොමඩ් මුයිසු පවසනවා.

ඉන්දීය සෙබලුන් 80 දෙනෙකුගෙන් පමණ සමන්විත භට කණ්ඩයක් මාලදිවයින තුළ මානුෂීය ආධාර සැපයීමට හා හදිසි සෞඛ්‍ය පහසුකම් සැපයීම සදහා රඳවා තිබෙනවා.

මාලදිවයිනේ රැදී සිටින ඉන්දීය හමුදා එරටින් ඉවත් කරන බව මොහොමඩ් මුයිසු බලයට පත්වීමට පෙර මැතිවරණ පොරොන්දුවක් ලබාදුන්නා.

එය ක්‍රියාවට නංවමින් ඉන්දීය හමුදාවන්ට මාලදිවයිනෙන් ඉවත්ව යන ලෙසයි ඔහු දැනුම් දුන්නේ.

මාලදිවයිනේ සෛවරීත්වයට බාධා කිරීමට හෝ පාලන කටයුතුවලට මැදිහත්වීමට කිසිදු බාහිර බලවේගයකට ඉඩ නොතබන බවද ජනාධිපතිවරයා ඊයේ දිනයේදී පාර්ලිමේන්තුව අමතමින් සදහන් කළා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *